අයිස් මත්ද්‍රව්‍ය සමග සුඛෝපභෝගී මොටෝරියක් අල්ලයි

වෙරළබඩ පොලිස් වසමේ රාත්‍රී යතුරුපැදි සංචාරයේ යෙදී සිටි නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත හන්දිය අසල දී අධික වේගයෙන් ගමන් කරන ලද කාර් රථයකට නැවැත්වීමට සංඥා කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම කාර් රථය ඊයේ (16) රාත්‍රියේ දී අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් යතුරුපැදි සංචාරයේ යෙදුණු නිලධාරියෙකු විසින් එම කාර් රථය පසුපස හඹා ගොස් පිටකොටුව – රෙක්ලමේෂන් පාර – මුහුදු මාර්ගයේ දී එය නවතා පරීක්ෂා කර ඇති බවයි.

එහිදී කාර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර වාහනය තුළ ප්ලාස්ටික් පෙට්ටි 04ක දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04කුත් ග්‍රෑම් 112ක් සොයාගැනුණා.

සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?