රැකවරණ, භාරකාරත්ව යටතේ සිටින ළමුන් හා වීදි ළමුන් වෙනුවෙන් ජීවන වියදම් දීමනාවක්

දෙමාපියන් අහිමි වීම, භාරකාරිත්වය අහිමි වීම, මව සහ පියා යන දෙදෙනාම හෝ ඉන් එක් අයෙකුගේ හෝ භාරකාරිත්වය යටතේ සිටියද, ජීවත් වන නිවස තුළ නිසි රැකවරණය සහ ආරක්ෂාව නොමැති දරුවන්ට මෙන්ම අනාථ හා අත්හරිනු ලැබූ දරුවන්ට රැඳවුම් නිවාස/ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ ආයතනික රැකවරණය ලබා දෙනු ලබනවා.

2024 වර්ෂය අවසාන වන විට රජය, ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන මගින් රට පුරා පවත්වාගෙන යනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356ක ළමුන් 9,191ක් පමණ නේවාසිකව රැකවරණය ලබමින් සිටින බව වාර්තා වී ඇති බවයි රජය පවසන්නේ.

ආයතනික රැකවරණය හා භාරකාරිත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/-ක දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් වෙන් කෙරුණා.

ඒ අනුව, යෝජිත ජීවන වියදම් දීමනාව පහත සඳහන් පරිදි ගෙවීමටත්, එම වැඩසටහන තිරසරව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ පසුවිපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඒ අනුව්ව;

  • රුපියල් 5,000/-ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3,000/-ක් භාරකාරිත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ලබා දීම.
  • ඉතිරි රුපියල් 2,000/-ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීම මේ අතර වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14
Video thumbnail
නාමල්, වැලේනා වැලන්ටිනා සමඟ ගැම්මට කරාතේ පුහුණුවෙන හැටි - I am tapping. Which side are you go?
01:33
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29