එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්හි මුලසුන මන්දනාට

ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුලසුන ගැනීමට ඉන්දීය ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්දනා සමත් ව සිටිනවා.

2019 වසරෙන් පසුව මන්දනා ශ්‍රේණිගත කිරීමේ ලකුණු 727ක් ලබා ගනිමින් මුලසුනට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 17ක් අහිමි වූ දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාඩ්ට් (717) එංගලන්තයේ නැට් ස්කිවර්-බ්‍රන්ට් සමඟ සම-දෙවන ස්ථානයට පත් ව සිටිනවා.

මැයි මස මුලදී, මන්දානා දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 51ක් සහ සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 116ක් ලබා ගත් අතර, එය අවසන් වරට එක්දින තරග දෙකක දී ම දැක්වූ විශිෂ්ට දක්ෂතාවක් ලෙසයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?