මෝදිට සයිප්‍රසයෙන් ඉහළම සිවිල් ගෞරව සම්මානය හිමිවෙයි – දෙපාර්ශ්වය අතර සාකච්ඡාත්

අගමැති මෝදි සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩොලිඩස් සමඟ නියෝජිත මට්ටමේ සාකච්ඡා පවත්වයි

ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි හා සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩවුලයිඩ්ස් අතර රාජ තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වුණා.

අගමැති මෝදි මේ වන විට (ජුනි 17) සයිප්‍රසයේ සංචාරයක නිරත වන අතර එය ඔහුගේ ත්‍රි-ජාතීන් සංචාරයේ පළමු අදියරයි.

දශක දෙකකට වැඩි කාලයකට පසු ඉන්දීය අගමැතිවරයෙකු සයිප්‍රසයට කළ පළමු සංචාරය ද මෙය වනවා.

සාකච්ඡාවලට පෙර ජනාධිපති මන්දිරයට පැමිණි මෝදි හට ඉහළ පෙළේ පිළිගැනීමක් ද සිදු වුණා.

එමෙන්ම මෙම හමුවෙන් පසුව සයිප්‍රසයෙන් අගමැති මෝදිට ඉහළම සිවිල් සම්මානයක් ද පිරිනැමුණා.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මෙම සම්මානය හිමිවූයේ ඉන්දියාව සහ සයිප්‍රසය අතර මිත්‍රත්වයට සිය සහාය ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

අගමැති නරේන්ද්‍ර මෝදිට සයිප්‍රසයෙන් පිරිනැමුණේ; ඉහළම සිවිල් ගෞරවය වන ‘ග්‍රෑන්ඩ් ක්‍රොස් ඔෆ් ද ඕඩර් ඔෆ් මැකරියෝස් III’ සම්මානය බවත් වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46