සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීම කල් යයි (වීඩියෝ)

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීම කල් දමා තිබෙනවා.

ඒ එම ප්‍රාදේශීය සභාවේ ඝන පූරණය නොමැති වීම හේතුවෙන්.

පැවති පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු පක්ෂයක් විසින් පැහැදිලි බහුතරයක් දිනා ගැනීමට නොහැකි වූ සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති රැස්වීම අතරතුර පළාත් පාලන කොමසාරිස්වරියගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් විපක්ෂ කණ්ඩායම සභාවෙන් පිටතට ගමන් කිරීමත් සමඟ සභාවේ ඝණ පූරණය නොමැති වීම නිසා සභාව විනාඩි 30කට කල් තබනු ලැබුවා.

විනාඩි 30න් පසුව නැවත සලකා බැලීමේ දී ජාතික ජන බලවේගය නියෝජනය කරන සභිකයින් 23 දෙනා පමණක් සභාවේ සිටීම නිසා සභාව දින නියමයකින් තොරව කල් තබනු ලැබුවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගය සීතාවක ප්‍රාදේශිය සභාවේ සභික ධුර 23 ක් හිමි කරගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50