සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීම කල් දමා තිබෙනවා.
ඒ එම ප්‍රාදේශීය සභාවේ ඝන පූරණය නොමැති වීම හේතුවෙන්.
පැවති පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු පක්ෂයක් විසින් පැහැදිලි බහුතරයක් දිනා ගැනීමට නොහැකි වූ සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති රැස්වීම අතරතුර පළාත් පාලන කොමසාරිස්වරියගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් විපක්ෂ කණ්ඩායම සභාවෙන් පිටතට ගමන් කිරීමත් සමඟ සභාවේ ඝණ පූරණය නොමැති වීම නිසා සභාව විනාඩි 30කට කල් තබනු ලැබුවා.
විනාඩි 30න් පසුව නැවත සලකා බැලීමේ දී ජාතික ජන බලවේගය නියෝජනය කරන සභිකයින් 23 දෙනා පමණක් සභාවේ සිටීම නිසා සභාව දින නියමයකින් තොරව කල් තබනු ලැබුවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගය සීතාවක ප්‍රාදේශිය සභාවේ සභික ධුර 23 ක් හිමි කරගත්තා.















