ඊශ්‍රායලයෙන් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවකට ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක් වන IRINN හි මැදිරි සංකීර්ණයට ප්‍රහරයක් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා යටිතල පහසුකම් පිහිටා ඇති ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉරානය ටෙල් අවිව්හි පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇති බවයි බීබීසී මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලය වෙත සංචාරය නොකරන ලෙස එක්සත් ජනපදය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.