දඹුල්ල ප්‍රාදේශීය සභාව මාලිමාවට

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සභාවක් පිහිටුවීමට බහුතර බලයක් හිමි නොවූ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ බලය හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය අද (16) සමත් වුණා.

මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සභාවේ ආසන 27න් ආණ්ඩු පක්ෂයට ආසන 13ක් ද සෙසු පක්ෂ සඳහා ආසන 14ක් ද දිනා ගැනීමට සමත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අද දිනයේ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව වෙත සභාපතිවරයෙකු තෝරා ගන්නා ඡන්ද විමසීම පැවැත්වුණා.

සභාවෙන් නම් කෙරුණු තිදෙනෙකු සඳහා වූ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ බහුතර යෝජනාව අනුව රහස් ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්තුමියට සිදු වුණා.

ඉන්පසු පැවති රහස් ඡන්දයේ දී ඡන්ද 27න් ඩබ්ලිව්.එම් තිලකරත්න මහතා ඡන්ද 15ක් ලබා ගනිමින් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්කෙරුණා.

සභාවේ උප සභාපතිවරයා ලෙස නිතරගයෙන් ප්‍රදීප් වසන්ත මහතා පත් වූ අතර දඹුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෝමතිලක මහතා ඡන්ද 06ක් සහ සුසිල් මහතා ඡන්ද 5ක් ද ලබා ගැනුණ අතර එක් ඡන්දයක් ප්‍රතික්ෂේපිත වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30