කොළඹ, රත්මලාන හා යාපනය අතර සෘජු ගුවන් සේවාවක් ඇරඹෙයි

කොළඹ, රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට, ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්, දේශීය වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ, ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය (Air Craft Operation Certificate) අද (16) දින පිරිනමා තිබෙනවා.

මෙම ගුවන් ගමන සඳහා පැය 01 යි විනාඩි 20 ක කාලයක් ගත වන අතර මේ සඳහා මෙම ගුවන් සමාගම, සෙස්නා – 280 ගුවන් යානයක් සූදානම් කර ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ද මේ වනවිට අභ්‍යන්තර ගුවන් මගී පර්යන්තයක් ඉදි වෙමින් පවතින අතර, එහි වැඩ කටයුතු නිමවූ පසුව, විදේශීය රටවල ගුවන් මගීන්ට, එතැන් සිට යාපනය දක්වා ගුවන් ගමන් පහසුකම් සලසා ගත හැකියි.

එමගින් සංචාරක ගමනාන්තයක් ලෙස යාපනය සංවර්ධනය කිරීමේ ඉලක්කය ද පහසුවෙන් සපුරා ගත හැකි බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය පිරිනැමීම, කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී සිදු වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා විසින් සීමාසහිත ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගමේ බලයලත් කළමනාකරු විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ඕ.ඩී.එන්.එල්.පෙරේරා මහතා වෙත සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14