හෙඩ් ලයිට් හොරු ලක්ෂ 70ක බඩු එක්ක මාට්ටු

මෝටර් රථවල ඉදිරිපස ලාම්පු (හෙඩ් ලයිට්) සහ කොටස් ගලවා සොරාගෙන අලෙවි කළ තිදෙනෙක් අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතර හිටපු යුද හමුදාව සෙබළෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

නවීන පන්නයේ මෝටර් රථවල ඉදිරිපස ලාම්පු සොරකමක් සම්බන්ධයෙන් බේරගම ප්‍රදේශයෙන් අගලවත්ත පොලිසිය වෙත ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනයේ දී මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමේ දී ප්‍රදේශය හරහා ගමන් ගන්නා කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් පිළිබඳව සැකයක් මතුව තිබෙනවා.

එම ලොරි රථය පිළිබඳව සොයා බැලීමේදී අදාළ ලොරි රථය නුවරඑළියේ සිට කොළඹ දක්වා කුලී පදනම මත එළවළු ප්‍රවාහනය සඳහා ලබාගත් එකක් බවටයි අනාවරණය වී ඇත්තේ.

ලොරි රථය මතුගම, කීරන්තිඩිය ප්‍රදේශයේ නිවසක තිබෙන බවට ලද තොරතුරක් මත එම ලොරිය පරීක්ෂා කිරීමට යාමේදී එම නිවසේ තිබී සොරාගත් රථවල ඉදිරිපස ලාම්පු කිහිපයක් සොයාගෙන ඇති අතර, සැකකරුවන් තිදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා එක්ව දහවල් කාලයේ දී යතුරුපැදියක්ද යොදාගෙන පයාගල, මතුගම ,වැලිපැන්න ,වාද්දුව ,හොරණ ඇල්පිටිය, දොඩංගොඩ ,ප්‍රදේශවල නිවෙස් සහ විහාරස්ථාන ඉදිරිපිට නවතා ඇති මෙම මෝටර් රථ පිළිබඳව නිරීක්ෂණය කර, රාත්‍රී කාලයේදී ගොස් එම රථ වාහනවල ඉදිරිපස ලාම්පු සහ අමතර කොටස් සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සොරාගන්නා කොටස් මතුගම, කීරන්තිඩිය ප්‍රදේශයේ නිවසේදී ඒවා විදේශයන්ගෙන් ආනයනය කරන ලද අමතර කොටස් බවට හඟවන ආකාරයට ඇසුරුම් කොට කඩවත, මිනුවන්ගොඩ ,බියගම ආදී ප්‍රදේශවල පිහිටි වාහන කොටස් අලෙවි ස්ථාන වෙත අලෙවිකර ඇති බවයි වාර්තා වන්නේ.

සොරකම් කරන ලද වාහනවල ඉදිරිපස ලාම්පු (හෙඩ් ලයිට්) 27ක්, ඉදිරිපස බොනට් එකක් සහ මෝටර් රථ බෆර් කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර,එම අමතර කොටස්වල වටිනාකම ලක්ෂ 70ක් පමණ වනවා.
.
මෙම සොරකමට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු යුද හමුදාවෙන් පලා ආ සෙබළෙක් වන අතර, ඔහුට විරුද්ධව විවෘත වරෙන්තු කිහිපයක් ද ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25