දකුණු අප්‍රිකානුවන් ලෝක ටෙස්ට් ශූරතාව පෙනෙන මානයේ

අයි.සී.සී ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිව්වන දිනය අදයි.

මෙම තරගයේ තුන්වන දිනය වන ඊයේ (13) දිනට තරගය නිමාවන විට දකුණු අප්‍රිකානුවන් ජයග්‍රහණය පෙනෙන මානයේ සිටියා.

ලකුණු 282ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකාව කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 69ක් පසුපසින් සිටිනවා.

නායකත්වයේ වගකීම අකුරටම ඉටුකරන ටෙම්බා බවුමා තමන්ට ඇති වූ පාදයේ ආබාධ තත්ත්වය පවා නොසලකා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 65ක් රැස් කරගෙනයි.

අනෙක් අන්තයේ සිටිමින් ඔහුට අනෙගි සහායක් ලබාදෙන ඒඩන් මාක්‍රම් ශතකයක් රැස්කරගෙන සිටින්නේ පන්දු 159කට මුහුණ දෙමින්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරන ඒඩ්න් මාක්‍රාම් ඊයේ රැස්කළේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඔහුගේ 08 වැනි ශතකයයි.

මෙම තරගයේ පළමු ඉනිමට ඕස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 212ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 138ක්.

දෙවැනි ඉනිමට ඕස්ට්‍රේලියාව ලකුණු 207ක් රැස් කළ අතර, ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 282ක ඉලක්කයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?