දකුණු අප්‍රිකානුවන් ලෝක ටෙස්ට් ශූරතාව පෙනෙන මානයේ

අයි.සී.සී ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිව්වන දිනය අදයි.

මෙම තරගයේ තුන්වන දිනය වන ඊයේ (13) දිනට තරගය නිමාවන විට දකුණු අප්‍රිකානුවන් ජයග්‍රහණය පෙනෙන මානයේ සිටියා.

ලකුණු 282ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකාව කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 69ක් පසුපසින් සිටිනවා.

නායකත්වයේ වගකීම අකුරටම ඉටුකරන ටෙම්බා බවුමා තමන්ට ඇති වූ පාදයේ ආබාධ තත්ත්වය පවා නොසලකා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 65ක් රැස් කරගෙනයි.

අනෙක් අන්තයේ සිටිමින් ඔහුට අනෙගි සහායක් ලබාදෙන ඒඩන් මාක්‍රම් ශතකයක් රැස්කරගෙන සිටින්නේ පන්දු 159කට මුහුණ දෙමින්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරන ඒඩ්න් මාක්‍රාම් ඊයේ රැස්කළේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඔහුගේ 08 වැනි ශතකයයි.

මෙම තරගයේ පළමු ඉනිමට ඕස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 212ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 138ක්.

දෙවැනි ඉනිමට ඕස්ට්‍රේලියාව ලකුණු 207ක් රැස් කළ අතර, ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 282ක ඉලක්කයක් හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26