ඊශ්‍රායල – ඉරාන යුද උණුසුමත් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් විශේෂ දැනුම්දීමක්

ඉරාන සහ ඊශ්‍රායල අතර යුද උණුසුම වර්ධනය වීමත් සමඟ ඉරානයේ ගුවන් අවකාශය වසා දමා තිබීම හේතුවෙන් යුරෝපය වෙත සිදුකෙරෙන ගුවන් ගමන්වල වෙනසක් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

ඒ, අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය, ගුවන් ගමන් මාර්ගය වෙනස් වීම හේතුවෙන් යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සදහා කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

මෙම ගුවන් යානය අද (13) පස්වරු 12.45ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබූ අතර, එය නව තත්ත්වයන් යටතේ පස්වරු 06.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවයි ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සඳහන් කළේ.

එමෙන්ම අද දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය යූ.එල්.- 501 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානය ඉන්ධන ලබාගැනීම සදහා මේ වනවිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා ඇති බව ද ඔහු සඳහන් කළා.

මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් පසුව විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.

මේ ආකාරයට විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ යුරෝපයේ ගමනාන්ත වෙත ගමන් ගන්නා ගුවන් යානාවලට පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා 1979 දුරකථන අංකයෙන් හෝ +94117771979 ( ජාත්‍යන්තර ) , +94744441979 ( වට්ස් ඇප් ) හෝ ඔබගේ සංචාරක නියෝජිතවරයා නැතිනම් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අමතන ලෙසයි දීපාල් පෙරේරා මහතා දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34