කෙහෙළියගේ අල්ලස් වැඩවලට චෝදනා ලැබ ඇල්ලූ නිවසේ සේවිකාව රිමාන්ඩ්

ජනමාධ්‍ය සෞඛ්‍ය පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් පහළොස්දෙනෙකු ඇතුළත් කර ඔවුන්ගේ වැටුප් හා දීමනා ලබාගෙන රුපියල් ලක්ෂ අසුවකට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවට පමුණුවනු ලැබුවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?