අල්ලස් සිද්ධියකට කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ, සෞඛ්‍යය අමාත්‍යාංශයට නාමිකව පත්වීම් ලබා දී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිළිබඳ ව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් මේ වන විට කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යන විමර්ශනයට අදාළ ව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.