‘මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීමට අවධානය

මව්කිරි දීමේ දර්ශක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තලයක පවතින අතර, World Breastfeeding Trends initiative (WBTi) විසින් ‘Green Status’ ලබා දුන් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් ව තිබෙනවා.

වාණිජමය පරමාර්ථ මුල් කර ගෙන කිරිපිටි කර්මාන්තය මඟින් දරුවන් වෙත එල්ල වන සදාචාර විරෝධී සහ හානිකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කරමින් දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය ආරක්ෂා කිරීමත්, විද්‍යාත්මකව තහවුරුව ඇති ප්‍රධානතම මැදිහත් වීමක් ලෙස සලකා මව්කිරි දීම ආරක්ෂා කිරීමත්, මව්කිරි දීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමුඛයා ලෙස මෙරටට ඇති පිළිගැනීම අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීමත් අරමුණු කරගෙන මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් මඟින් නීතිමය විධිවිධාන හඳුන්වා දීම පිණිස 2018-10-16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවයි රජය පැවසුවේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56