UPDATE:පැයකට පමණ පසු හිටපු ජනපති CIDයෙන් පිටව යයි

පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද (11) පස්වරු 02.30ට පමණ හිටපු ජනාධිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම අද සිදු කෙරුණා.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?