හමුදාපතිගේ විශේෂ ඉල්ලීම

හුස්ම ගැනීමේ සංකූලතා සහ කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට සැකකෙ‍රෙන අවුරුදු 55 ට වැඩි අය වහාම වෛද්‍යවරයෙකු හමුවීමට හෝ ළඟම ඇති රෝහලකට යන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටී.

තවද මෙම දින කිහිපයේ දී අත්‍යාවශ්‍ය ඖෂධ සහ ආහාර පාන ආදිය නිවෙස් තුළ එක් රැස් කරගන්නා ලෙස කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාතික පුවත් පතක් වෙත පවසා තිබෙනවා.

සතියකට ආසන්න කාලයක් රට තුළ සංචරණ සීමා පැනවීමට නියමිත බවත්, ඒ පිළිබඳ කල් තියා දැනුම් දෙන්නේ ද ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ එක්රැස් කරගැනීමට බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම සංචරණ සීමාවන් හෙට (21) රාත්‍රී 11.00 සිට අඟහරුවාදා (25) අළුයම 4.00 දක්වා පැනවෙන අතර යළි එදින, එනම් අඟහරුවාදා (25) රාත්‍රී 11.00 සිට සිකුරාදා (28) අළුයම 4.00 දක්වා ද පැනවීමට නියමිතව තිබෙනවා.

එම සීමා මුලු දිවයිනටම ක්‍රියාත්මක යි.

මැයි 22, 23, 24 දිනවල පූර්ණ වශයෙන් දිවයින තුළ සංචරණ සීමා ක්‍රියාත්මකවන අතර මැයි 25 වැනි දින පැය 19ක කාලයක් සඳහා පමණක් එය ලිහිල් කෙරෙනවා.

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ කිසි කෙනෙකු මංමාවත්වල ගමන් ගැනීම නොකළ යුතුවනවා මෙන්ම නිවෙස් තුළට පිටස්තරයින් රැස්කර ගැනීම ද තහනම් බව යුදහමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?