වැඩ තහනම් කළ බන්ධනාගාර කොමසාරිස් CID අත්අඩංගුවට

වැඩ තහනමකට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අතර, ඔහුව හෙට (10) දින අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන වලට අදාළව ඔහුව අද (09) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?