රට පුරා ලියාපදිංචි පොසොන් දන්සැල් 19,185ක් – වැඩිම සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ

පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 19,185ක් ලියාපදිංචි කර ඇති බව, සෞඛ්‍ය හා ‌ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග පවසනවා.

ඒ, අනුව දිස්ත්‍රික්ක වශයෙන් ලියාපදිංචි දන්සැල් කොළඹ 944ක්, ගම්පහ 1,792ක්, කළුතර 977ක්, මහනුවර 1,264ක්, මාතලේ 812ක්, නුවරඑළිය 352ක්, ගාල්ල 1,186ක්, මාතර 1,021ක්, හම්බන්තොට 533ක්, යාපනය 03ක්, කිළිනොච්චි 03ක්, මුලතිව් 17ක්, වවුනියා 21ක්, මන්නාරම 02ක්, මඩකළපුව 09ක්, අම්පාර 584ක්, කල්මුණෙයි 14ක්, ත්‍රීකුණාමලය 152ක්, කුරුණෑගල 2,114ක්, පුත්තලම 731ක්, අනුරාධපුර 2,301ක්, පොළොන්නරුව 650ක්, බදුල්ල 968ක්, මොණරාගල 716ක්, රත්නපුර 1,097ක්, කෑගල්ල 922ක් සංවිධානය කර තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍යාරක්ෂිත දන්සැලක් සංවිධානය කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

දන්සැල ලියාපදිංචිය
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තොරතුරු රැස් කිරීම
ආහාර පිළියෙල කරන්නන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව සහතික කිරීම
ආහාර හසුරුවන්නන් විසින් පිළිපැදිය යුතු අත් පිරිසිදුව තබාගැනීම හා සනීපාරක්ෂක පිළිවෙත්
ආහාර හසුරුවන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය
භාවිත කරන අමුද්‍රව්‍ය
ආහාර පිළියෙල කිරිම
අපද්‍රව්‍ය බැහැර කිරීම
ආහාර සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය
ආහාර සනීපාරක්ෂාව සහ සුරක්ෂිත පරීක්ෂාව ආදී කරුණු එම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්.