දෙහිවල සත්තු වත්තේ සිටි ලක්ෂ ගණනක් වටිනා මැකෝ ගිරවෙක් සොරාගෙන

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි මැකෝ ගිරවෙක් සොරකම්කර ඇති බවට දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පසුගිය 05 වනදා සත්වෝද්‍යානයේ ආරක්ෂක අංශය විසින් මෙම පැමිණිල්ල සිදුකළ බවයි දෙහිවල පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

පසුගිය 04 වනදා රාත්‍රියේ මෙම ගිරවා සොරාගෙන ගොස් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අතර, තවමත් සැකකටයුතු කිසිවෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැහැ.

මේ සම්බන්ධයෙන් අප ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂගෙන් විමසීමක් කර සිටියා.

එහිදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ ලක්ෂ 02ත් 03ත් අතර වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි.

මැකෝ ගිරවුන් 20ක් පමණ රඳවා සිටි කුඩුවක් කඩා මෙම ගිරවා සොරාගෙන ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම සොරකම සිදුවූ රාත්‍රියේ සැකකටයුතු අයෙක් අවට සැරිසරන බවට ආරක්‍ෂිත කැමරාවල සටහන්ව ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා.

මීට වසර දෙකකට පමණ පෙර ද මේ ආකාරයෙන් මැකෝ ගිරවෙක් සොරාගෙන ගොස් තිබූ බව සඳහන් කළ ඔහු, එලෙස සොරාගත් ගිරවා; සොරාගත් පුද්ගලයින් විසින්ම ගෙනවිත් භාරදුන් බවත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29