රජයේ පශු වෛද්‍යවරු හෙට උදේ හයේ සිට වැඩ වර්ජනයක

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 6.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දැනුම් දෙනවා.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවෙමින් එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මේ බව සඳහන් කළා.

රජය පශු වෛද්‍යවරුන් සඳහා ම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක; එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස සංකේත වැඩවර්ජනයකට යෑමට තීරණය කළ බවයි සභාපතිවරයා පැවසුවේ.

රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාල, සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, වරාය සහ ගුවන්තොටුපොළ සත්ව නිරෝධායන මධ්‍යස්ථානයවල සේවාවන් මෙම වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?