පොසොන් උත්සවයට අනුරපුර පූජා නගරයේ විශේෂ ආරක්ෂාවක් – විශේෂිත රථවාහන සැලැස්මක්

පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරයේ විශේෂිත රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ, අනුව අනුරාධපුරය මූලික කරගෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා කලාප 06ක් වශයෙන් පොලිස් නිලධාරීන් 3,500 කට අසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සහ යුද හමුදා සෙබළුන් ද අවශ්‍ය අවස්ථාවල දී සහයෝගය ලබාගැනීමට රාජකාරියේ යොදවා තිබෙනවා.

මේ අතර අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක විශේෂිත රථගාල් ස්ථාපිත කර ඇති බව සඳහන් කරන පොලිසිය එම රථගාල්වල වාහන නතර කරන ලෙසයි මහජනතාගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ, අනුව අනුරාධපුර නගරයේ ස්ථාන 21ක රථගාල් ස්ථාපිත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එම රථගාල් ස්ථාපිත කර ඇති ස්ථාන පහතින්.

01

මේ අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මිහින්තලා පුද භූමියේ ද රථගාල් 07ක් ස්ථාපිත කර ඇති අතර, අඹකොටුව රථගාල, කඳුපාමුල රථගාල, කළුදිය පොකුණ රථගාල, ඉසුරු උයන රථගාල, තිස්ස ක්‍රීඩාංගණය රථගාල, නව රථගාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිල නිවාස රථගාල එම රථගාල් වනවා.

ඒ, අනුව නියමිත රථගාල්වල පමණක් වාහන නවතා තැබිය යුතු බව පවසන පොලිසිය; එම රථවාහනවල ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක නිලධාරීන් යොදවා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

මේ අතර හදිසි අවස්ථාවල දී ඇමතීම සඳහා 025 – 2222124 යන පොලිස් මෙහෙයුම් මැදිරි අංකය භාවිත කළ හැකි අතර, අනුරාධපුර ප්‍රදේශයට අදාළව රථවාහන තදබදයක් හෝ රථවාහන ආපදා තත්ත්වයක දී 071 – 8593330 යන දුරකථන අංකය අමතා දැනුම්දීමේ හැකියව ද පවතිනවා.

එමෙන්ම අනුරාධපුර නගරය සහ ඒ ආශ්‍රිතව ඇති වැව් සහ ජලාශවැලින දිය නාන පිරිසගේ ආරක්ෂාව සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34