කොවිඩ් වැලඳීමේ හා මියයෑමේ වැඩි ප්‍රවණතාවයක් ඇති පිරිසක්

දුම්පානය කරන්නන්ට කොවිඩ් -19 වෛරසය වැලඳීම සහ මියයෑමේ හැකියාව වැඩි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

අද (19)පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බවය.

මේ අතර කිරිදෙන මව්වරුන්ට කොවිඩ් ආසාදනයේ වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනාවරණය වී ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, ඒ අවදානම වයස්ගත ජනතාවට ද ඇති බව පැවසීය.

“විශේෂයෙන්ම 60ට වැඩි අයට, දියවැඩියාව, වකුගඩු රෝග ඇති අය විශේෂයෙන් ම මේ රෝගයෙන් ආරක්ෂාවීමට නිසි පිළිවෙත් අනුගමනය කළ යුතුයි. විවිධ මත පැතිරෙනවා විටමින් D ගන්න විටමින් C ගන්න කියලා. මේවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ නිසි ආහාර වේලක් ගන්න එක. ඊට අමතරව වෛරසය හැදෙන්නේ ස්වසන පද්ධතියේ. ස්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම්පානය. ඒ නිසා දුම්පානය කරන අයට වෛරසය වැලඳෙන ප්‍රමාණය හා මියයන ප්‍රමාණය වැඩී.“ 

මේ අතර කාර්යාල තුළ සේවකයන් එක්ව ආහාර ගැනීමේ දී වෛරසය ව්‍යාප්තවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16