ජාතික පොසොන් උත්සවයට ලක්ෂ 20ක් අනුරපුරයට – බැතිමතුන්ගේ පහසුවට ඇප් එකක්

මෙවර ජාතික පොසොන් උත්සවය සඳහා ලක්ෂ විස්සක පමණ බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු වන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ ජාතික පොසොන් කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය පවසනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (07) පැවති මාධ්‍ය හමුවක දී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එලෙස පැමිණෙන්න බැතිමතුන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.

‘පොසොන් වන්දනා’ යනුවෙන් නම්කර ඇති මෙම ජංගම දුරකථන යෙදවුම මඟින් අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල වාහන නවතා තැබීමේ ස්ථාන පිළිබඳව දැනුම්වත් වීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව නවාතැන් පහසුකම් සපයා ගත හැකි ස්ථාන පිළිබඳව ද මෙම ජංගම දුරකථන යෙදවුම මඟින් දැනුම්වත්වීමට හැකියාව සලසා දී තිබෙනවා.

මේ අතර තොරතුරු දැනගැනීමේ පහසුවව සඳහා ඉදිරියේ දී දුරකථන අංකයක් ද ප්‍රසිද්ධියට පත්කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙවර දන්සල් 600කට අධික සංඛ්‍යාවක් සංවිධානය වනු ඇති බව සඳහන් කළ ලේකම්වරයා එම සියලු දන්සැල් නියාමනය වන බවත්, එමගින් සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් බැතිමතුන්ට ලබාදීම අරමුණ බවත් වැඩිදුරටත් පැවසුවා.

ජාතික පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා නිර්මාණය කළ ජංගම දුරකථන යෙදවුම පහතින්.

03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06