මෙවර ජාතික පොසොන් උත්සවය සඳහා ලක්ෂ විස්සක පමණ බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු වන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ ජාතික පොසොන් කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය පවසනවා.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (07) පැවති මාධ්‍ය හමුවක දී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළා.
එලෙස පැමිණෙන්න බැතිමතුන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.
‘පොසොන් වන්දනා’ යනුවෙන් නම්කර ඇති මෙම ජංගම දුරකථන යෙදවුම මඟින් අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල වාහන නවතා තැබීමේ ස්ථාන පිළිබඳව දැනුම්වත් වීමේ හැකියාව පවතිනවා.
ඊට අමතරව නවාතැන් පහසුකම් සපයා ගත හැකි ස්ථාන පිළිබඳව ද මෙම ජංගම දුරකථන යෙදවුම මඟින් දැනුම්වත්වීමට හැකියාව සලසා දී තිබෙනවා.
මේ අතර තොරතුරු දැනගැනීමේ පහසුවව සඳහා ඉදිරියේ දී දුරකථන අංකයක් ද ප්‍රසිද්ධියට පත්කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කර සිටියා.
මෙවර දන්සල් 600කට අධික සංඛ්‍යාවක් සංවිධානය වනු ඇති බව සඳහන් කළ ලේකම්වරයා එම සියලු දන්සැල් නියාමනය වන බවත්, එමගින් සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් බැතිමතුන්ට ලබාදීම අරමුණ බවත් වැඩිදුරටත් පැවසුවා.
ජාතික පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා නිර්මාණය කළ ජංගම දුරකථන යෙදවුම පහතින්.






