විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා අගමැතිනිය අතර සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරතන, ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී එහිදී 2025 වසරේ සිදුකළ වැටුප් වැඩි කිරීමේදී රාජ්‍ය සේවකයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම අතර වෙනසක් පවතින බවත්, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් සහ ආචාර්යවරුන් අතර ද වැටුප් වැඩි කිරීමේ දී විෂමතාවක් නිර්මාණය වී ඇති බවත් මෙහිදී විශ්වවිදයාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දුන්නා.

ඒ, අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින තාක්ෂණික කාරණා පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ පළමුව සාකච්ඡා කිරීමටත්, එළඹෙන තීරණ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එහිදී තීරණය වුණා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති අනුරුද්ධ කරුණාරත්න, ලේකම් චාරුදත්ත ඉලන්ගසිංහ ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32