චන්ද්‍රාණි බණ්ඩාරට අධි චෝදනා භාරදෙයි

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාරට කොළඹ මහාධිකරණය හමුවේ අද (06) දිනයේ අධි චෝදනා භාර දී තිබෙනවා.

ඇය අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටිය දී නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් ඇයට මෙලෙස අධිචෝදනා භාරදීම සිදුවුණා.

හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත්තේ අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද යටතේයි.

ඒ, අනුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවූ අතර, පසුව විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීම සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?