අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පරිගණක අපරාධ කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකයකට ලද පැමිණිලි දෙකක් මත මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
දොළොස් ලක්ෂ හයදහස් දෙසීය විස්සක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හත් ලක්ෂ අසුදහස් පන්සීයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 04 වනදා අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුසු 24ක බොක්කාවල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර, සැකකාරිය වයස අවුරුදු 26ක වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
සැකකරු සහ සැකකාරිය විසින් වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් සමූහයක් මඟින් සන්නාමයක් භාවිත කරමින්, අන්තර්ජාලය හරහා මුදල් ඉපැයිය හැකි බව පවසමින් මුදල් ගිණුමකට බැරකරගෙන මෙම වංචාව සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.















