අයිඩී අංකය ඔත්තේ වී 18 දා එළියට ආ සිවාජිලිංගම් පොලීසියෙන් පන්නා දමයි

උතුරු පලාත් හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් යාපනයේ යුදසැමරුමක් සඳහා ඊයේ (18) සවස ගමන්කරමින් සිටියදී සංචරණ නීති කඩකිරීම හේතුවෙන් පොලීසිය විසින් අවවාද කොට ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇත.

යාපනය වීරසිංහම් ශාලාව අසලදී සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා වාහනයකින් ගමන්කරමින් සිටියදී පොලීසිය විසින් නවතා නිරෝධායන නීතියට අනුව ජාතික හැඳුනුම්පත් අංකය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් මුලතිව් සිට නඩුවකට පෙනී සිට පැමිණෙන බවටත් සවස තම කාර්යාලය ඉදිරියේදී යුදසැමරුමකට සහභාගී වීමට නියමිත බවටත්ය.

නිරෝධායන නීතියට අනුව ඊයේ (18) දින නිවසෙන් බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ අංකයක්නම් පමණක් වුවුද හිටපු මන්ත්‍රීවරයාගේ හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ බැවින් අදාල නිරෝධායන නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බවට මන්ත්‍රීවරයාට දැනුම් දී අවවාද කොට ආපසු හරවා යැවීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

  1. කොටින්ට එදත් ලන්කාවෙ නීතියක් තිබ්බෙ නැහෙ . අදත් උන් හැසිරෙන්නෙ එදා වාගෙමයි ; අල්ලලා හිර කරන්න තිබ්බෙ. මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවෙල කරන පාහර වෙඩ වලට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37