ගැබිණි බිරිඳව ඝාතනය කර හිසත් රැගෙන සැමියා පොලිසියට එයි

තම ගැබිණි බිරිඳව ඝාතනය කර ඇයගේ හිස පුලියන්කුලම පොලිසියට රැගෙන ආ පුද්ගලයෙක් පිළිබඳව පුවතක් අද (03) පෙරවරුවේ වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නයනමඩු ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කළ වයස අවුරුදු 32ක තැනැත්තියක්.

අපරාධය සිදුකළ බව කියන 35 හැවිරිදි සැමියා පුලියන්කුලම පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර සැමියා කොළඹ වරාය නගරයේ කම්කරුවෙක් ලෙස සේවය කර ඇති අතර, මෑතකදී කිසියම් අයෙක් විසින් ඔහුට දුරකථන ඇමතුම් දී බිරිඳ සම්බන්ධයෙන් විවිධ කේලම් පවසා ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මේ හේතුවෙන් සැමියා පසුගිය දිනක යළි නිවසට පැමිණ ඇති අතර, මීට දින කිහිපයක සිට ඔවුන් දෙදෙනා අතර ආරවුල් හටගෙන ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ අතර පැමිණිල්ලක් සිදුකිරීමට මොවුන් දෙදෙනා අද (03) පෙරවරුවේ පොලිසියට යාමට නිවසින් පිටත්ව ඇති අතර, ඒ යන අතර මඟ කැලෑ බද ප්‍රදේශයක දී සැමියා විසින් බිරිඳව ඝාතනය කර ඇයගේ හිස කඳෙන් වෙන්කර එයද රැගෙන පුලියන්කුලම පොලිසිය වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
34
+1
4
+1
8
+1
81
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බිහිසුණු ටිපර් අනතුර..ටිපර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:29
Video thumbnail
ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
09:07


?