දකුණු කොරියානු ජනාධිපතිවරණය අද

දකුණු කොරියානු ජනාධිපතිවරණය අද (03) ආරම්භ වුණා.

එරට මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තෝරාගැනීම සඳහා සිදුකරන මෙම ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 14,295 කදී පැවැත්වෙනවා.

මෙම ඡන්ද විමසීම දේශීය වේලාවෙන් රාත්‍රී 20:00ට (GMT 11:00) අවසන් වන අතර, පැය කිහිපයක් ඇතුළත ප්‍රතිඵල අපේක්ෂා කෙරෙනවා.

පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වනවා.

අසාර්ථක වූ යුද නීති යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගය හේතුවෙන් එරට හදිසි ජනාධිපතිවරණයක් නිවේදනය කළා.

එලෙස කැඳ වූ හදිසි මැතිවරණයේ දී මේ වනවිට මිලියන සංඛ්‍යාත දකුණු කොරියානුවන් ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43