තුසිත හල්ලොලුවගේ ජීප් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් අද (02) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින්.
ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1





