මන්ත්‍රී රවී ගොනු කළ පෙත්සමක් විසිවෙයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනු කළ පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඔහුට එරෙහිව අධිචෝදනා භාර දී තිබෙන නඩුවක් සම්බන්ධයෙන් රවී කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති අත‍ර ඊට එරෙහිව ගොනු කළ පෙත්සම මෙලෙස ප්‍රතික්ෂේප වූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අදාළ නඩුව සම්බන්ධව මතු වූ චෝදනාවන්ට අනුව, රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී ජීවත් වූ සුඛෝපභෝගී නිවසක මාසික කුලිය රුපියල් දා හතර ලක්ෂ පනස් දහසක් වශයෙන් අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති බව සඳහන්.

එම කුලිය මාස 8ක කාලයක් පුරාම අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති අතර, එමගින් ඔහු මුදල් ලබා දී ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානියා ලෙසින් බවත් එම චෝදනාවේ දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ රවී කරුණානායකට එරෙහිව නඩු පවරා ඇති අතර, ඒ සඳහා පදනම් වූ අල්ලස් පනත යටතේ අමාත්‍යවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව රවී කරුණානායකගේ නීතිඥ පාර්ශ්වය පවසා සිටියා.

නමුත් මහාධිකරණය එම නියෝගයට එරෙහිව, අභියාචනයක් ගොනු කිරීමට රවී කරුණානායක දැරූ උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ හැක්කේ, මහාධිකරණයෙන් ඔහු වරදකරු කළහොත් පමණක් බවට රවී කරුණානායකගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?