මන්ත්‍රී රවී ගොනු කළ පෙත්සමක් විසිවෙයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනු කළ පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඔහුට එරෙහිව අධිචෝදනා භාර දී තිබෙන නඩුවක් සම්බන්ධයෙන් රවී කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති අත‍ර ඊට එරෙහිව ගොනු කළ පෙත්සම මෙලෙස ප්‍රතික්ෂේප වූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අදාළ නඩුව සම්බන්ධව මතු වූ චෝදනාවන්ට අනුව, රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී ජීවත් වූ සුඛෝපභෝගී නිවසක මාසික කුලිය රුපියල් දා හතර ලක්ෂ පනස් දහසක් වශයෙන් අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති බව සඳහන්.

එම කුලිය මාස 8ක කාලයක් පුරාම අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇති අතර, එමගින් ඔහු මුදල් ලබා දී ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානියා ලෙසින් බවත් එම චෝදනාවේ දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ රවී කරුණානායකට එරෙහිව නඩු පවරා ඇති අතර, ඒ සඳහා පදනම් වූ අල්ලස් පනත යටතේ අමාත්‍යවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව රවී කරුණානායකගේ නීතිඥ පාර්ශ්වය පවසා සිටියා.

නමුත් මහාධිකරණය එම නියෝගයට එරෙහිව, අභියාචනයක් ගොනු කිරීමට රවී කරුණානායක දැරූ උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ හැක්කේ, මහාධිකරණයෙන් ඔහු වරදකරු කළහොත් පමණක් බවට රවී කරුණානායකගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16