ටිපරයක් හා යතුරුපැදියක් ගැටී අයෙක් මරුට

ගල්කුලම – සිවලාකුලම මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අප වාර්තාකරු පැවසුවේ ගල්කුලම දෙස සිට සිවලාකුලම දෙසට ධාවනය කළ ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අද (02) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වන විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්