ලෝක රූ රැජින තරගාවලියට එක් වූ අපේ සුන්දරී දිවයිනට (වීඩියෝ)

2025 ලෝක රූ රැජින තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනවිය අද (02) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.

අනුදි ගුණසේකරට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පැවති ලෝක රූ රැජින තරගාවලියේ අවසන් 40 දෙනා අතරට පිවිසීමට නොහැකි වුව ද, ඇය ශ්‍රී ලංකාවට සහ ආසියාවට ලබා දුන් ජයග්‍රහණ අගය කළ යුතු වනවා.

බහුමාධ්‍යය අංශයෙන් (මල්ටිමීඩියා) අනුශූරත්වය ලෝක රූ රැජින තරගාවලියේ දිනුවේ අනුදි ගුණසේකරයි.

එය ආසියාව සහ ශ්‍රී ලංකාව ලැබූ පළමු මල්ටිමීඩියා ජයග්‍රහණය ලෙසට ද ඉතිහාසගත වුණා.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 108ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් මැයි මස 07 සිට 31 වැනිදින දක්වා පැවැත්වුණා.

අනුදි ගුණසේකර අද පස්වරු 02.50 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 178 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර එහිදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උසස් පිළිගැනීමක් සංවිධානය කර තිබුණා.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අනුදි ගුණසේකර, තමන් ජීවිතයේ එක් වරක් පමණක් අත්දැකිය හැකි සුන්දර අත්දැකීමකට රට වෙනුවෙන් මුහුණ දුන් බව පැවසුවා.

එහිදී තමන් අනුදි ගුණසේකර වශයෙන් ලෝකයා හැඳින්වීම පසෙකලා “ශ්‍රී ලංකා” යන නමින් හැඳින්වූ බවත්, එය තමන් ලද මහත් ගෞරවනීය අවස්ථාවක් බව ද මෙනෙහි කර සිටියා.

තමන් ලෝකයේ ලස්සනම තරුණියන් සමග පසුගිය මාසයක කාලය ගත කළ බවත්, යළිත් ලෝක රූ රැජින තරගාවලියකට සහභාගී වීමට බලාපොරොත්තු නොවන බව ද අනුදි ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළ බවයි දසත ගුවන්තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ලෝක රූ රැජින තරගාවලියේ 2025 ලෝක රූ රැජින කිරුළ හිමිවූයේ තායිලන්තයටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56