හමුදා සේවයෙන් පළාගිය 2,983ක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදා සේවයෙන් පළාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි 22 වනදා සිට මැයි මස 30 වනදා දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
යුද හමුදා සෙබළුන් 2,261ක්, නාවික හමුදා සෙබළුන් 194ක් සහ ගුවන් හමුදා සෙබළුන් 198ක් මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතරට අයත්.

මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද පළාගිය නිලධාරීන් සහ සෙබළුන් 330 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.