පුංචි ආණ්ඩු 161ක රාජකාරී කටයුතු අද අරඹයි

පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ, අනුව දිවයින පුරා පිහිටි පළාත් පාලනය ආයතන 161ක රාජකාරී කටයුතු අද (02) දිනයේ දී ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් කිසිඳු පක්ෂයකට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතන 178ක ප්‍රධානීන් පත් කිරීමේ බලය පළාත් කොමසාරිස්වරයා වෙත පැවරෙන බවයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඒ, අනුව එම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වීමෙන් පසුව සිදුකිරීමට නියමිතයි.

ඒ, අනුව ඔවුන් විසින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උප සභාපතිවරුන් පත් කරන ආකාරය පිළිබඳව පුවත්පත් දැන්වීම් පළකර දැනුම්දීම පළමුව සිදුකළ යුතු වනවා.

එම දැනුම්දීමෙන් දින 14කට පසු අදාළ ආයතනවල සභිකයින් රැස් වී ඒවායේ ප්‍රධානීන් පත් කරගැනීම සිදුකළ යුතුයි.

ඒ, අනුව එම පළාත් පාලන ආයතනවල 178 ප්‍රධානීන් පත් කිරීම ජුනි මස 17 වන දිනෙන් පසු සිදුකෙරෙනු ඇති.

එමෙන්ම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් එම පත්කිරීම් සිදුකරන දිනයන් පිළිබඳව පෙර දැනුම්දීමක් සිදුකරන අතර, එක් පළාතක් තුළ එක් දිනක දී සිදුකළ හැක්කේ එක් පළාත් පාලන ආයතනයක පත් කිරීමක් පමණක් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53