මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් අද (01) දහවල් දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව්, මාමුනෙයි ප්‍රදේශයේ පදිංචි පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියන් දෙදෙනෙක් බවයි මුලතිව් පොලිසිය සඳහන් කළේ.
මෙම දැරියන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුව ළිඳ අසලට ගොස් ඇති අතර, එහිදී පය ලිස්සා ගොස් දෙදෙනාම ළිඳට වැටි ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ළිඳට වැටුණු දැරියන් දෙදෙනා ඉන් ගොඩගෙන මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
දැරියන් දෙදෙනාගේ මෘතශරීර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ මුලතිව් රෝහලේදී පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.




