ජාත්‍යන්තර කම්කරු සමුළුවට නියෝජ්‍ය ඇමති මහින්ද ජිනීවා නුවරට

ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු නියෝජිත පිරිස අද (01) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය මඟින් පවත්වන මෙම සමුළුව හෙට (02) සිට ලබන 12 වනදා දක්වා පැවැත්වෙනවා.

ලොවපුරා සාමාජික රටවල් 187ක කම්කරු අමාත්‍යවරුන්, කම්කරු නායකයින් සහ වෘත්තීය සමිති නායකන් මෙම සමුළුව සඳහා එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස, කම්කරු කොමසාරිස් ජෙනරාල් නදීකා වටලියද්ද, ජේෂ්ඨ අතිරේක ලේකම් වසන්තන් ඇතුළු වෘත්තීය සමිති හතරක නායකයින් මෙන්ම හාම්පුතුන්ගේ සංගමයේ නියෝජිතයින් එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?