පුංචි ඡන්දයේ සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද ප්‍රකාශයට

පසුගිය මැයි 06 වනදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ, අනුව අදාළ සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

පළාත් පාලන ආයතන 161ක සභාපති, නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තනතුරු සඳහා අදාළ දේශපාලන පක්ෂ නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

සභිකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසු සභාපති, නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තනතුරු වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති නම් ගැසට් කරනු ඇති.

පළාත් පාලන ආයතනවල ධුර කාලය 2025 ජුනි 02 වනදා ආරම්භ විය යුතු අතර, පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත් වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් පළකළ යුතුව වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30