ගුජරාටය පරදා මුම්බායි ඉන්දියන්ස් IPL දෙවැනි සුදුසකම් ලැබීමේ තරගයට

2025 අයි.පී.එල් තරගාවලියේ දෙවැනි සුදුසකම් ලැබීමේ තරගයට පිවිසීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, මෙවර තරගාවලියේ ඊයේ (30) රාත්‍රියේ පැවති එලිමිනේටර් තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ගුජරාට් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවට 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 228ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා පන්දු 50 තුළ වේගවත් ලකුණු 81ක් රැස් කළ අතර, මෙම තරගයේ දී මුම්බායි කණ්ඩායමට කැඳවූ ජොනී බෙයාර්ස්ටෝව් ලකුණු 47ක් රැස් කළා.

ඊට අමතරව සූර්යකුමාර් යාදව් මුම්බායි ඉනිම වෙනුවෙන් ලකුණු 33ක් සහ තිලක් වර්මා ලකුණු 25ක් රැස්කරමින් මුම්බායි ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමට දායක වුණා.

මේ අතර මුම්බායි ඉනිමේ දී රෝහිත් ෂර්මා සහ සූර්යකුමාර් යාදව් කල්වේලා ඇතිවම ක්‍රීඩාගාරයට හරවා යවන්නට තිබූ පහසු අවස්ථා දෙකක් ඊයේ තරගයේ දී අයි.පී.එල් තරගවරම් හිමිකරගත් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යාමට ද කැපීපෙනෙන සිදුවීමක් වුණා.

කඩුල්ල පිටුපස වගකීම භාරවී සිටි මෙන්ඩිස්, ෂර්මා සහ සූර්යකුමාර් ලබාදුන් පහසු උඩපන්දු දෙකක් බිම දමමින් ඔවුන් දෙදෙනාට පහසුවෙන් ලකුණු රැස් කිරීමට අවස්ථාව සලසා දුන්නා.

ඒ, අනුව මුම්බායි ඉනිම ලකුණු 228ක් දක්වා ඉහළ තැනකට රැගෙන යාමට හැකියාව ලැබුණා.

අනතුරුව ලකුණු 229 ඉලක්කයක් හඹා යාමට ගුජරාට් ආරම්භ පිතිකරුවන් පිටියට පිසිසි අතර, ආරම්භ පිතිකරු ෂුබ්මන් ගිල් ලකුණු 01ක් ලබාගෙන සිටිය දී යළි ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් හැකියාව ලැබුණා .

අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සායි සුදර්ශන් සමඟ සාර්ථක සබඳතාවක් ගොඩනඟමින් සිටි අතර වාරයේ අවාසනාවන්ත ලෙස හිට් විකට් ආකාරය දැවී හියේ පන්දු 10ක් තුළ ලකුණු 20ක් රැස්කරගෙන සිටිය දීයි.

මෙන්ඩිස් රැස්කළ ලකුණු විස්සට හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා.

ගුජාරාට් කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යාමට යළිත් සටනක් දියත් කළ සායි සුදර්ශන් සහ වොෂින්ටන් සුන්දර් තුන්වන කඩුල්ලට සාර්ථක සබඳතාවක් ගොනැඟුවත් ඔවුන් දෙදෙනාගේ දැවියාමෙන් පසු තරගයේ ජයග්‍රහණය මුම්බායි දෙසට පෙරලුනා.

මෙහිදී සායි සුදර්ශන් ලකුණු 80ක් සහ වොෂින්ටන් සුන්දර් ලකුණු 48ක් රැස් කළා.

කෙසේ වෙතත් ගුජාරාට් ඉනිම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී තිබිය දී ලකුණු 208කට සීමා කරන්නට මුම්බායි පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 02ක් බිඳ දැමු අතර, ජස්ප්‍රිත් බුම්රා, රිචඩ් ග්ලීසන්, මිචෙල් සැන්ට්නර් සහ අශ්වානි කුමාර් අතරේ එක කඩුල්ල බැඟින් බෙදී ගියා.

මෙම තරගය ලකුණු 20 කින් ජයගත් මුම්බායි ක්‍රීඩකයින්ට තරගාවලියේ දෙවැනි සුදුසකම් ලැබීමේ තරගයට පිවිසීමට හැකියාව ලැබුණා.

ඒ, අනුව තරගාවලියේ දෙවැනි සුදුසකම් ලැබීමේ තරගය මුම්බායි ඉන්දියන්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර හෙට රාත්‍රියේ පැවැත්වෙනවා.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලබන 03 වනදා රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට පිවිසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49