එංගලන්තය ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කිසිඳු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ඉනිමක් තුළ ලකුණු 400ක් ලබාගත් ලොව පළමු කණ්ඩායම බවට පත්වීමට එංගලන්ත කණ්ඩායමට ඊයේ (29) හැකියාව ලැබුණා.

ඒ, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ බර්මින්හැම්හිදී පැවති පළමු එක්දින තරගයේ දීයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායකයාගේ ආරාධනයේ පළමු පන්දුවට පහරදුන් එංගලනතය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 400ක් රැස් කළා.

ඒ, අනුව ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ කණ්ඩායමක කිසිඳු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ලකුණු 400 රැස්කළ පළමු අවස්ථාව ලෙස මෙම ඉනිම ඉතිහාසයට එකවනවා.

මේ අතර එංගලන්තය ඊයේ රැස්කළ මෙම ලකුණු 400 වාර්තා අතරට එක්වුණේ, එක්දින තරගයක දී එංගලන්ත කණ්ඩායම රැස්කළ හයවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28