ළඳු කැලෑවකින් බෝර 12 ගිනිඅවියක් උණ්ඩ සමග හමුවෙයි

උච්චමුණේ දූපතේ පල්ලිය පිටුපස පිහිටි ළඳු කැලෑවක තිබී බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ හිස් පතොරමක්, ජීව උණ්ඩයක් සොයා ගැනුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය පැවසුවේ මෙම සොයාගැනීම කල්පිටිය පොලිසිය විසින් සිදු කරන ලද්දේ නාවික හමුදාවෙන් ලද බුද්ධි තොරතුරකට අනුව බවයි.

මෙම ප්‍රදේශය තුළ බහුල ව සතුන් දඩයමක් සිදු නොවන බැවින් අදාළ ගිනිඅවිය කුමන කටයුත්තක් සඳහා යොදාගත්තේ දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්