ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සේවය කර 2018 අග භාගයේ දී අත්තනායක එම්. හේරත් මහතා විශ්‍රාම දිවියට එළැඹුණා.
ශාස්ත්‍ර පීඨයේ – සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයෙකු වශයෙන් ද කලක් කටයුතු කළ අත්තනායක එම්. හේරත් ඇදුරුතුමා විශිෂ්ට දේශකයෙකු ලෙසයි විශ්වවිද්‍යාලයේ හා සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ.
දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 73 වැනි වියෙහි පසුවුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
22
+1
7
+1
3
+1
288
+1
14
+1
7





