කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදීමේ චෝදනාවට ඇල්ලූ තිදෙනා ජුනි 05 තෙක් හිරේ

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට විදේශ ගමන් බලපත්‍ර සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ජුනි මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථන හා පරිගණක රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හත් දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් සඳහන් කළා.

මෙම නඩුකරයට පාදක වන විදේශ ගමන් බලපත්‍ර මෙන්ම තවත් විශාල විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් මෙම ජාලය හරහා නීතිවිරෝධී ලෙස සකස් කරන්නට ඇතැයි සැක කෙරෙන බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කියා සිටියා.

මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ පුද්ගල නිදහස මෙන්ම විමර්ශන සිදු කිරීම සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබාදීම යන කරුණු තුලනාත්මකව සලකා බලා මෙම අවස්ථාවේ දී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

මෙය ඉතා සංවේදී විමර්ශනයක් යැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබාදිය යුතු බව සඳහන් කළා.

ඒ අනුව විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43