AFC Banner
Empty Ad
Empty Ad

ටවුටේ සුළි කුණාටුවෙන් ඉන්දීය යාත්‍රාවක් ගිලී 127ක් අතුරුදන්

ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයේදී තෙල් සමාගමකට අයත් නෞකාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 127 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

මේ දිනවල එරටට බලපා ඇති ටවුටේ සුළි කුණාටුවේ බලපෑමෙන් මුහුද රළුවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

අතුරුදන් වූවන් සොයා ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා සහ නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක් මෙහෙයුම්වල එක්ව සිටින බව සඳහන්.

එම යාත්‍රාව ගිලී යන අවස්ථාවේ පුද්ගලයින් 273 දෙනෙකු සිට ඇති අතර, පුද්ගලයින් 146 දෙනෙකු ඒ අසළ තිබූ වෙනත් නෞකාවක් මගින් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?