අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු තණමල්විල දී තරුණයින් පිරිසකගේ ග්‍රහණයට

මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු තණමල්විල දී තරුණයන් පිරිසක් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ විමර්ශනයක දී මෙම සැකකරුව ගම්වාසී තරුණයින් පිරිසක් එක් ව අල්ලා නීතියේ රැහැනට හසුකර දුන් බවයි.

මෙම සැකකරු විසින් තණමල්විල – දාහත හමාර ප්‍රදේශයේ දී යතුරුපැදියක් සොරකම් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ දී තරුණයන් පිරිසක් මෙම සැකකරු අල්ලාගෙන ඇති බවයි පැවසෙන්නේ.

එලෙස අල්ලා ගත් සැකකරු තණමල්විල පොලිසියට භාර දී ඇති අතර පසුව පොලිසිය සිදු කළ විමර්ශනයක දී මෙම සැකකරු දිවයිනේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ද සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද යතුරුපැදියක් ද තිබී සොයා ගැනුණා.

එහි ඉදිරිපස හා පිටුපස වර්ග දෙකක අංක තහඩු සවිකර තිබී ඇති බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුට මීනීමැරුම් චෝදනා දෙකක්, කොල්ලකෑම් චෝදනා 17ක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් 38 හැවිරිදි වියෙහි පසුවන සැකකරු මැදමුලන ප්‍රදේශයේ වෙසෙන්නෙක් බවත් පොලිසිය පවසනවා.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?