ජාත්‍යන්තරයෙන් මෙරටට කීර්තිය ගෙන දුන් ලාංකික සූපවේදිනියන් තිදෙනා

26 වැනි “එක්ස්පෝ කලිනරි” (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ, සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගෙන අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ, සාජා නුවර ලෝකයේ රටවල් 20ක තරගකරුවන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් මැයි 21 සිට 23 දක්වා පැවැත්වුණා.

එහිදී කස්තුරි රාමේෂ්වරන් සූපවේදිනිය රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

යාපනය ප්‍රදේශයේ පදිංචි ඇය එම ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යන්නියක්.

එමෙන්ම මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන එෆ්.නිලූෆා රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මෙම තරගාවලියේ දී දිනා ගැනීමට සමත් වුණු අතර ඇය ද මීගමුව ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යනවා.

එම්.ආර්.එෆ්.ෆස්ලියා මෙම තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වී සිටියා.

ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, ඇය හට ද සූපවේදී පාඨමාලා ආයතනයක් සතු වනවා.

මොවුන් තිදෙනාම පළමු වරට මෙවැනි ජාත්‍යන්තර තරගාවලියකට ඉදිරිපත් ව, එහිදී මෙවන් ජයග්‍රහණයන් ලබා ගැනීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?