ගත වූ දිනය තුළ විවිධ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 528ක් නීතියේ රැහැනට

ගත වූ දිනය තුළ (මැයි 27) සුළු පරිමාණ, මධ්‍ය පරිමාන හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 177කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 164ක් අත් අඩංගුවට ගැනුණා.

අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ දිනය තුළ සැකකරුවන් 380 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

ගංජා හා මත්කරල් ද මෙම වැටලීම්වල දී පොලිස් භාරයට ගැනුණා.

ඒ අනුව සමස්ත මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 528 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.