ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (27) රාත්‍රියේ දී සිය භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙමින් තිබූ බහුදින ධීවර යාත්‍රා දෙක අද (28) පෙරවරුව වන විට දික් ඕවිට වරායට ගෙනැවිත් තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම බහුදින ධීවර යාත්‍රා ද්විත්වය තුළ තිබී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක තොගයක් සොයාගත් බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ මෙම මෙහෙයුමේ දී ධීවරයින් 11 දෙනෙකු ද අත් අඩංගුවට ගැනුණා.
සැකකාර ධීවරයින් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
+1
+1
+1





