හක්මන – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ ගංගොඩගම ප්‍රදේශයේ දී මැයි 26 පස්වරුවේ පාසල් ශිෂ්‍යයකු පා පැදියකින් ගමන් කරමින් සිටියදී ටිපර් රථයක ගැටී එම ස්ථානයේ දී ම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.
මෙම ඛේදනීය ඉරණමට මුහුණ පෑවේ, හක්මන, කරතොට, මැදකොරටුව නිවසේ පදිංචිව සිටි මහානාම ගීගන ගමගේ සප්නාත් සහීර නමැති 14 වියේ පසුවන දරුවෙක්.
එම දරුවා හක්මන – ගංගොඩගම ජයවර්ධන මහා විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අයෙක් බවත් අප වාර්තාකරු පැවසුවා.
පසුව එම දරුවාගේ අවමංගල්‍ය කටයුතු විද්‍යාලයීය විදුහල්පතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කර ඇති අතර ඊට පාසලේ ආචාර්‍යය මණ්ඩලය සහ දෙමාපියන්ගේ ද සහාය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
17
+1
+1





