RCB ගේමක් නැතිව LSG පරදා ප්‍රසාද ලකුණු පුවරුවේත් දෙවැනි ස්ථානයට එයි

IPL තරගාවලියේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඊයේ (27) රාත්‍රියේ දී සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ලක්නව් සුපර් ජෑන්ට්ස් පිල කඩුලු 06කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ බැංග්ලෝර් කණ්ඩායම පළමු ව පිතිකරණයට ලක්නව් කණ්ඩායමට ලබා දුන්නා.

එම ඇරයුමට සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කළ ලක්නව් කණ්ඩායම කඩුලු 03කට දැවැන්ත ලකුණු 227ක පුවරුවක් ගොඩනැගුවා.

එහිදී ගිනිකෙළි වන් පිතිහරඹයක නිරත වූ නායක රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 118ක් ලබා ගත්තා.

මිචෙල් මාර්ෂ් ලකුණු 67 යි.

කඩුලු බිඳ දැමීමේ දී නුවන් තුෂාර, භුවනෙෂර් කුමාර් සහ රොමාරියෝ ශෙපර්ඩ් එක් කඩුල්ලක් බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 18කුත් පන්දු 02ක් අවසානයේ ලකුණු 230ක් ලබා ගනිමින් ජය වාර්තා කළේ කඩුලු 04ක් පමණක් බිඳ වැටෙමින්.

ජයග්‍රහණය කණ්ඩායමට කැන්දූ නායක ජිතේෂ් ශර්මා නොදැවී ලකුණු 85ක් රැස් කළ අතර විරාට් කෝලි ලකුණු 54ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ලක්නව් වෙනුවෙන් විලියම් ඖ’රේක් කඩුලු දෙකක් සහ ආකාෂ් සින්ග් හා අවෙෂ් ඛාන් එක් කඩුල්ලක් බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා නායක ජිතේෂ් ෂර්මා.

මෙම ජයත් සමග රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගන්නටත් සමත් වුණේ මුහුණ දුන් තරග 14න් 09ක් ම ජය ගනිමින්.

ඒ අනුව මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ පන්ජාබ් කින්ග්ස්, රෝයල් චැලෙන්ජර්ස්, ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් සතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?